එජාපය රට වසර ගණනාවක් ආපස්සට ගෙනියලා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා
Comment | July 04, 2015
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට වසර ගණනාවක් ආපස්සට ගෙන ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ප්‍රකාශ කළා. ඒ, මොරටුව - කොරළවැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්. මේ අවස්ථාවට ප්‍රදේශවාසී ධීවර ප්‍රජාව විශාල පිරිසක් එක්ව සිටියා. ඔවුන් කියා සිටියේ තමන් පිළිබඳ සොයා බලා කටයුතු කරන එකම ජනතා නායකයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා බවයි.

අනතුරුව පැවැති ජන හමුව ඇමතූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ජනතාවට සේවය කිරීම තම එකම අවශ්‍යතාව බව සදහන් කළා. ‘‘මේ රට නිදහස් කර ගත්ත නායකයෙක් අපිට ඉන්නවා. ඒ, මහින්ද රාජපක්ෂ මහතා. ඒ නායකත්වය ඉදිරියට ගේන්න  ඕනි. මේ රටේ ජනතාව පෙළ ගැහිලා ඉන්නවා ඔහු දිනවීමේ සටනට. සහන - සිහින ලෝකෙට මේ ජනතාව රැවටුණා. ධීවර ඇමති වෙලා හිටිය රාජිත සේනාරත්න ඇමතිතුමා මේ ධීවරයන්ට කරපු දේවල් අපි දන්නවා. ඇත්තටම එක්සත් ජාතිකපක්ෂ ආණ්ඩුව රට අවුරුදු ගණනාවක් ආපස්සට අරන් ගිහින්. එක්සත් ජාතික පාක්ෂිකයිනුත් දැන් කළ කිරිලා ඉන්නේ. ඇතැම් පුද්ගලයො මට මඩ ගහලා වාසි ගන්න හදනවා. මට අවශ්‍ය වෙලා තියෙන්නෙ ජනතා සේවය විතරයි. මම ඔබ තුමන්ලාගේ සේවකයා.’’ හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

ජන හමුවෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සමඟ සුහද පිළිසඳරක යෙදීමට ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අමතක කළේ නැහැ.

  19,455 Views
Share this
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     


Comments
follow us on
Featured  Video
Share This
Featured Image
Featured Image of 2014-04-09
නොනිමි ජනතා මෙහෙවරෙහි වර්තමානය
කොළොන්නාව ජනතාව රකිනවා - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
කොළොන්නාව ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අවස්ථාවක තමන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ කොළොන්නාවේ ජනතාව රැක බලා ගැනීම තම වගකීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
දූෂණයට සහ වංචාවට ඉඩ නැහැ - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස නැමූව ද දූෂණයට සහ වංචාවට කිසිවිටෙක හිස නොනමන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාව සංවර්ධනයට විශාල මුදලක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාවට සීඝ‍්‍ර සංවර්ධනයක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
වසර ගණනාවක් තිස්සේ කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව සංවර්ධනයෙන් පසුබෑමකට පත්ව තිබු කොලොන්නාව ආසනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ අද සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
අග රදගුරු හිමිගෙන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පැසසුම්.
කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතිය අඩපණ කරමින් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
QUICK CONTACT
 
කොළොන්නාව කාර්යාලය
අංක. 68,
විජය පාර, සාලමුල්ල,
කොලොන්නාව,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 547 198
ෆැක්ස්: +94 112 534 777
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com
නුගේගොඩ කාර්යාලය
52 ඒ,
පරණ කැස්බෑව පාර, නුගේගොඩ,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 809101 / +94 114 319457
ෆැක්ස්: +94 114 319456
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com