දුමින්ද සිල්වාට සන්ධානයේ නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලා, මහා සංඝරත්නය, විශාල පිරිසක් සහ අතිවිශාල ජනකායක් සාමකාමී පාගමනකින් පැමිණ, ජනාධිපතිවරයාට සංදේශයක් භාර දීමට යයි
Comment | July 13, 2015
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය විශාල පිරිසක් සහ අති විශාල ජනකායක් අදත් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම සිදුවන කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට සාමකාමී පා ගමනකින් පැමිණියා. ඒ, නෙළුම් පොකුණ රඟහල අසළ සිටයි. එහිදී සාමකාමීව විරෝධය පළ කළ පිරිස අනතුරුව පැමිණියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලය වෙතයි.

එහිදී මහා සංඝරත්නය ඇතුළු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මන්ත්‍රීවරයාට සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් කළ සංදේශයක් භාර දීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. අනතුරුව එහි සිටි පොලිස් නිලධාරීන් ස්වාමීන් වහන්සේ දෙනමක් සහ රැස්ව සිටි පිරිසෙන් තවත් නියෝජිතයන් කිහිප දෙනෙකු අදාළ සංදේශය භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබුවා. අනතුරුව විපක්ෂ නායක කාර්යාලය අසළ රැදී සිටි පිරිස යළි සාමකාමී පා ගමනකින් සන්ධානයේ නාමයෝජනා අත්සන් කෙරෙන මහවැලි කේන්ද්‍රය වෙත පැමිණියේ සංදේශය ලබාදීමෙන් පසු ලැබෙන තීරණය පිළිබඳ බලාපොරොත්තුවෙන්.

එම අවස්ථාවට පැමිණි ජනතාව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණහොත් තමන් මහමැතිවරණයේදී ඡන්දය භාවිත නොකරන බවයි. දුමින්ද සිල්වා හට නාම යෝජනා ලබානොදීම පිටුපස කුමන්ත‍්‍රණයක් ක්‍රියාත්මක වන බව ද එම අවස්ථාවට පැමිණ සිටි ජනතාව ප්‍රකාශ කළා.

පසුව සංදේශය භාරදීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගිය මහා සංඝරත්නය ඇතුළු පිරිස යළි පැමිණියේ පිළිගත හැකි නියෝජිතයෙකු නොපැමිණි බැවින් සංදේශය භාර නොදුන් බව සදහන් කරමින්. අනතුරුව මෙම පිරිස කොළඹ මහවැලි කේන්ද්‍රය අසළ නැවතත් සාමකාමීව විරෝධතාවක නිරත වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් කොළඹ - ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සහ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පෙරේදා දිනයේත් සාමකාමී විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ප්‍රදේශ කිහිපයක පැවැති ජන හමු සහ මාධ්‍ය හමුවලදී ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබානොදීම පිළිබඳව අදහස් පළ වුණා. අම්බලන්ගොඩ පැවැති ජන හමුවකදී අදහස් දැක්වූ දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ධනවංශ කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ප‍්‍රථම ස්ථානයට පැමිණෙන බවයි. මේ හේතුව නිසා මන්ත්‍රීවරයා හට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම සිදුකළ යුතු බවයි ඔහු කියා සිටියේ.

අද පැවැති බෙන්තර -  ඇල්පිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඇමතූ දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඇය කියා සිටියේ සන්ධානයට කොළඹ ජයග්‍රහණය කිරීමට නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සහාය අත්‍යවශ්‍ය බවයි.

අද පැවැති දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමේ දී ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබානොදීම සම්බන්ධයෙන් අදහස් පළ වීම විශේෂත්වයක්. එහිදී අදහස් දැක්වූ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික අනුරුද්ධ සදහන් කළේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට නාම යෝජනා ලබාදීම සිදුකළ යුතු බවයි.

බලපිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදී බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී අනිල් පි‍්‍රයන්ත ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට සන්ධානයෙන් නාම යෝජනා ලබානොදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනතා ප‍්‍රසාදය මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට පවතින බවයි.



Update: Sunday, 12 July 2015 - 19:04
-----------------------------------------------

දුමින්ද සිල්වාට නාම යෝජනා දෙන්නැයි ඉල්ලා මහසඟරුවන ඇතුළු විශාල පිරිසකගෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක්


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය, ඇතුළු විශාල පිරිසක් අදත්  සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම සිදුවන කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට සාමකාමී පා ගමනකින් පැමිණියා. ඒ, නෙළුම් පොකුණ රඟහල අසළ සිටයි.

ඉන් අනතුරුව මහා සංඝරත්නය ඇතුළු පිරිස කොළඹ විපක්ෂ නායක කාර්යාලය දක්වා සාමකාමීව පා ගමනකින් පැමිණියා. එහිදී මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මන්ත්‍රීවරයාට සන්ධාන නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් කළ සංදේශයක් භාර දීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. අනතුරුව එහි සිටි පොලිස් නිලධාරීන් ස්වාමීන් වහන්සේ දෙනමක් සහ රැස්ව සිටි පිරිසෙන් තවත් නියෝජිතයන් කිහිප දෙනෙකු අදාළ සංදේශය භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබුවා. අනතුරුව විපක්ෂ නායක කාර්යාලය අසළ රැදී සිටි පිරිස යළි සාමකාමී පා ගමනකින් මහවැලි කේන්ද්‍රය වෙත පැමිණියේ සංදේශය ලබාදීමෙන් පසු ලැබෙන තීරණය පිළිබඳ බලාපොරොත්තුවෙන්.








































Update: Sunday, 12 July 2015 - 17:04
-----------------------------------------------
දුමින්ද සිල්වා ඉල්ලා කොළඹ යළිත් දැවැන්ත උද්ඝෝෂණයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය විශාල පිරිසක් මෙන්ම අති විශාල ජනකායක් නාමයෝජනා අත්සන් තැබෙන කොළඹ -මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක නිරතවන බවට වාර්තා වෙනවා. ඔවුන් නෙළුම් පොකුණ රඟහල සිට සාමකාමී පා ගමනකින් මහවැලි කේන්ද්‍රය වෙත පැමිණි බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ අහිංසක අසරණ මිනිසුන් වෙනුවෙන් කවදත් පෙනීසිටි ඔවුන්ගේ නායකයා වූ ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට මෙවර මැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන ලෙසයි.

පසුගිය 10 වනදා ද මෙලෙස මහා සංඝරත්නය හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වී උද්ඝෝෂණයක නිරතවූ අතර ඔවුන් ඉල්ලා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන ලෙසයි.

ඔවුන් පළමුව නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ අතර පසුව පෙළපාලියකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු සිදුකෙරෙන මහවැලි කේන්ද්‍රය දක්වාද ගමන් කළා.
  33,972 Views
Share this
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     


Comments
follow us on
Featured  Video
Share This
Featured Image
Featured Image of 2014-04-09
නොනිමි ජනතා මෙහෙවරෙහි වර්තමානය
කොළොන්නාව ජනතාව රකිනවා - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
කොළොන්නාව ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අවස්ථාවක තමන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ කොළොන්නාවේ ජනතාව රැක බලා ගැනීම තම වගකීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
දූෂණයට සහ වංචාවට ඉඩ නැහැ - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස නැමූව ද දූෂණයට සහ වංචාවට කිසිවිටෙක හිස නොනමන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාව සංවර්ධනයට විශාල මුදලක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාවට සීඝ‍්‍ර සංවර්ධනයක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
වසර ගණනාවක් තිස්සේ කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව සංවර්ධනයෙන් පසුබෑමකට පත්ව තිබු කොලොන්නාව ආසනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ අද සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
අග රදගුරු හිමිගෙන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පැසසුම්.
කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතිය අඩපණ කරමින් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
QUICK CONTACT
 
කොළොන්නාව කාර්යාලය
අංක. 68,
විජය පාර, සාලමුල්ල,
කොලොන්නාව,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 547 198
ෆැක්ස්: +94 112 534 777
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com
නුගේගොඩ කාර්යාලය
52 ඒ,
පරණ කැස්බෑව පාර, නුගේගොඩ,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 809101 / +94 114 319457
ෆැක්ස්: +94 114 319456
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com