නොනිමි ජනතා මෙහෙවරෙහි වර්තමානය
 

කොළොන්නාව ජනතාව රකිනවා - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.

R. Dumindha Silva

කොළොන්නාව ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අවස්ථාවක තමන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ කොළොන්නාවේ ජනතාව රැක බලා ගැනීම තම වගකීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා පවසනවා. කොළොන්නාව මහජන ක‍්‍රීඩාංගණයේ පසුගියදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමිනුයි මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මෙම අදහස් පළකළේ.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

මෙම ජන රැළිය අවස්ථාවේදී පාසල් සිසුන් 2500 කට අධික සංඛ්‍යාවකට පාසල් පෙළ පොත් සහ ප‍්‍රදේශයේ අඩු ආදායම් ජනතාව වෙත සෙවිලි තහඩු බෙදා දීම ද මන්ත‍්‍රීවරයා අතින් සිදුකරනු ලැබුවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Share  Comment



 

දූෂණයට සහ වංචාවට ඉඩ නැහැ - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.

ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස නැමූව ද දූෂණයට සහ වංචාවට කිසිවිටෙක හිස නොනමන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා. කොළොන්නාව - සේදවත්ත නවලෝක ක‍්‍රිඩාංගණයේ පසුගිය දා පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළියක් අමතමිනුයි මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මේ බව කියා සිටියේ.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ, දූෂණයෙන් පිරි කොළොන්නාව නගර සභාවේ මෙතෙක් පැවති එක්සත් ජාතික පක්ෂයේ පාලනය අවසන් කිරීමට දැන් කාලය පැමිණ ඇති බවයි. ඒ සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයග‍්‍රහණ අත්කර දෙමින් සැබෑ ජනතා සේවයක් ඇති කිරීමට තමන් කටයුතු කරන බව ද ඔහු ප‍්‍රකාශ කළා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

මේ අතර සේදවත්ත - නවලෝකපුර අඩු ආදායම්ලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීම හා ආබාධිත පුද්ගලයින්ට රෝද පුටු ප‍්‍රදානයක් ද එම අවස්ථාවේදී සිදුකෙරුණා. ඊට අමතරව සිසු සවිය වැඩසටහන යටතේ සේදවත්ත ප‍්‍රදේශයේ පාසල් දරු දැරියන් 2000කට නොමිළේ පාසල් පොත් බෙදා දිම ද මෙහිදී සිදුකෙරුණු අතර ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ ද එක්වීම විශේෂත්වයක්.

Will bow down to people but not to injustice and fraud
Will bow down to people but not to injustice and fraud
Will bow down to people but not to injustice and fraud
Will bow down to people but not to injustice and fraud
Will bow down to people but not to injustice and fraud
Will bow down to people but not to injustice and fraud

Share  Comment



 

කොළොන්නාව සංවර්ධනයට විශාල මුදලක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.

R. Dumindha Silva

මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා. මේ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පූර්ණ දායකත්වය ලැබී ඇති බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ. මුල්ලේරියාව, හිඹුටාන ප‍්‍රදේශයේ පසුගියදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන හමුවකට එක්වෙමිනුයි ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මේ බව කියා සිටියේ.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සඳහන් කළේ කොටිකාවත්ත - මුල්ලේරියාව ප‍්‍රදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු යටතේ දක්‍ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් පත් කිරීමට කටයුතු කරන බවයි.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Share  Comment



 

කොළොන්නාවට සීඝ‍්‍ර සංවර්ධනයක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.

R. Dumindha Silva

වසර ගණනාවක් තිස්සේ කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව සංවර්ධනයෙන් පසුබෑමකට පත්ව තිබු කොලොන්නාව ආසනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ අද සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්තී‍්‍රවරයා කියා සිටියේ කොළොන්නාව ආසනයේ සියළු ක්ෂේත‍්‍ර මේ වනවිට සංවර්ධනය කරා ගමන් කරමින් පවතින බවයි. කොලොන්නාව - මීතොටමුල්ල ශී‍්‍ර රාහුල විද්‍යාලයේ නව පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මේ බව සඳහන් කළා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ද්විතීක පාසල් දහසේ ව්‍යාපෘතිය සඳහා කොලොන්නාව ආසනයේ පාසල් 03 ක් තෝරාගෙන ඇති බවද ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා එහිදී සඳහන් කළා. එලෙස තෝරාගෙන ඇති පාසල් වන්නේ, කොලොන්නාව ඕල්කට් මහා විද්‍යාලය, කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ සේදවත්ත ශී‍්‍ර සිද්ධාර්ථ මහා විද්‍යාලයයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Rapid development for Kollonnawa
Rapid development for Kollonnawa

Share  Comment



 

අග රදගුරු හිමිගෙන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පැසසුම්.

කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතිය අඩපණ කරමින් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්තී‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළේ, මෙම ජනතාව නොමග යැවීමේ වැඩපිළිවෙල පිළිබඳ සැබෑ තත්ත්වය ජනතාවට පෙන්වාදීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමින්. මෝදර ශාන්ත ජේම්ස් දෙව්මැදුරේදී මෙම දැනුවත් කිරීමේ රැස්වීම පැවැත්වුණා. උතුරු කොළඹ ප‍්‍රදේශයේ පැල්පත් නිවාස ඉවත්කර, ඒවායෙහි වෙසෙන ජනතාව වෙනත් බාහිර ප‍්‍රදේශවල පදිංචි කරවීමේ සූදානමක් සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් ශාන්ත ජේම්ස් දෙව්මැදුරේ පූජකවරුන්ට පැමිණිලි කර තිබෙනවා. පසුව, හිමිවරුන් එම ගැටළුව සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත දැන්වීමෙන් අනතුරුවයි ඊයේ මෙම රැස්වීම පැවැත්වුණේ.

කෙසේ වෙතත්, කොළඹ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා එහිදී නිවැරදි පැහැදිලි කිරීමක් කළා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

ජනතාව නොමග යවන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, කිසිදු පැල්පත්වාසියෙකු කොළඹින් බැහැර ප‍්‍රදේශයක පදිංචි නොකරන බවත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා එම රැස්වීමේදී අවධාරණය කළා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

එම අවස්ථාවට සහභාගී වූ අගරඳගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ද අදහස් දක්වා සිටියා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා තවදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී තමන් උතුරු කොළඹ ප‍්‍රදේශයට පැමිණ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Share  Comment



 

මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ තවත් මෙහෙවරක්.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කොළඹ දිස්ත‍්‍රික්කයේ සිසුන් වෙනුවෙන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ මග පෙන්වීම යටතේ ක‍්‍රියාත්මක සම්මන්ත‍්‍රණ මාලාවේ තුන්වන පියවර පසුගියදා අවසන් කෙරුණා. ඒ, හංවැල්ල - මායාදුන්න මහා විද්‍යාලයේදීයි. මෙම සම්මන්ත‍්‍රණ මාලාව බත්තරමුල්ල ශ‍්‍රී සුභූති ජාතික පාසලෙන් ආරම්භ කෙරුණු අතර, දෙවන අදියර කොළොන්නාව බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණා. එම සම්මන්ත‍්‍රණ මාලාව පිළිබඳ ඊට සහභාගී වූ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් කිහිපදෙනෙකු මෙන්ම ඔවුන්ගේ දෙමාව්පියන් කිහිපදෙනෙකු අදහස් දක්වා සිටියා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

මේ අතර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ මග පෙන්වීම යටතේ ක‍්‍රියාත්මක මෙම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ හතර වන අදියර මේ මස 31 වැනිදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි.

Another social service project by MP R. Dumindha Silva.
Another social service project by MP R. Dumindha Silva.
Another social service project by MP R. Dumindha Silva.
Another social service project by MP R. Dumindha Silva.
Another social service project by MP R. Dumindha Silva.
Another social service project by MP R. Dumindha Silva.

Share  Comment



 

හීනැටිකුඹුර විහාරස්ථානයට මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගෙන් මූල්‍යාධාර.

කඩුවෙල - උතුරු තලංගම - හීනැටිකුඹුර පුරාණ විහාරස්ථානයේ ඉදිවන සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ සංඝාවාසය සහිත තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පසුගියදා මුල්‍ය ආධාර ලබාදුන්නා. මීට වසර දෙකකට පෙර ආරම්භ කරන්නට යෙදුණු මෙම ගොඩනැගිල්ල සඳහා කිහිප අවස්ථාවකම ආධාර ලැබී තිබෙනවා. උතුරු තලංගම හීනැටිකුඹුර පුරාණ විහාරාධිපති විනයාචාර්ය පූජ්‍ය වරාපිටියේ ආනන්ද ස්වාමින්වහන්සේ, මන්ති‍්‍රවරයාගේ මෙම සත් කි‍්‍රයාව පිළිබඳව අදහස් දක්වා සිටියා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

උතුරු තලංගම - හීනැටිකුඹුර විහාරස්ථානයේ දායක සභාව සහ සිරි සුචරිතවර්ධන දහම් පාසලේ විදුහල්පතිවරයා වන සරත් තිලකරත්න ද ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාගෙන් ලැබුණ සහයෝගය පිළිබඳ මෙලෙස අදහස් දක්වා සිටියා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Financial Aid to Heenati-Kumbura Temple
Financial Aid to Heenati-Kumbura Temple
Financial Aid to Heenati-Kumbura Temple

Share  Comment



 

ජාත්‍යන්තර බලවේගවල කුමන්ත‍්‍රණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා පහදයි.

රටේ සංවර්ධන වැඩපිළිවෙළ අඩාල කිරීමේ කුමන්ත‍්‍රණයක් ජාත්‍යන්තර බලවේග හරහා කි‍්‍රයාත්මක බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියේ, කොළොන්නාව ප‍්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවකට එක්වෙමින්.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

චැනල් ෆෝ නාලිකාව හරහා ද කි‍්‍රයාත්මක වන්නේ එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය බවයි මන්තී‍්‍රවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Share  Comment



 

පටු දේශපාලන උසි ගැන්වීම් පරාජයට මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා වටා ජනතාව.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් උසි ගැන්වීමට පරාජිත දේශපාලන පක්ෂ දරන උත්සාහයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ කොටුවේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන්. උද්ඝෝෂණයට එක් වූ ජනතාව ප‍්‍රකාශ කළේ 88, 89 භීෂණකාරී තත්ත්වය යළි ගෙන ඒමට ඇතැම් පක්ෂ කටයුතු කරමින් සිටින බවයි. එම අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා ද අදහස් පළකළා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Public Rally
Public Rally
Public Rally

Share  Comment



 

පෞද්ගලික විශ‍්‍රාම වැටුපට එරෙහි විරෝධතා ජනතාව නොමග යැවීමක්. - මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා.

යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පත පිළිබඳව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්ති‍්‍රවරයා මෙම අදහස් පළකළේ කොළොන්නාව වඩුගොඩවත්තේ පසුගිය සෙනසුරාදා පැවැති උත්සවයකදීයි. මන්ති‍්‍රවරයා සිදු කරන ප‍්‍රජා සත්කාරක සේවාවන් අතරින් පාසල් ළමුන් සඳහා නොමිලේ පොත් ප‍්‍රදානය කිරිම එහිදී සිදුවුණා. පාසල් ළමුන් දෙදහසකට නොමිලේ පොත් බෙදා දුන් අතර, එම උත්සවයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා මෙම අදහස් පළකළා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
proposed private sector pension scheme
proposed private sector pension scheme
proposed private sector pension scheme
proposed private sector pension scheme
proposed private sector pension scheme
proposed private sector pension scheme
proposed private sector pension scheme

Share  Comment



 

මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ කොළොන්නාව සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත්.

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා, කොලොන්නාව ආසනය පුරා දියත් කරන සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් අඛණ්ඩව ක‍්‍රියාත්මකයි. ඒ යටතේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ යටිතල පහසුකම් ඉහළ නැංවීමට ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන් ජලය, විදුලිය ලබාදීම මෙන්ම මාර්ග සංවර්ධනය කරදීම ද එම වැඩපිළිවෙළට අයත්. මේ අනුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් සංවර්ධනය කරනු ලැබූ කොලොන්නාව - කොටිකාවත්ත - මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත්, කැලණිමුල්ල හරස් මාර්ගය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරුණා. එහිදී ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ මෙම සමාජ සත්කාරය පිළිබඳව අදහස් දැක්වූ කැලණිමුල්ල හරස් මාර්ග යේ වෙසෙන ජනතාව.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Share  Comment



 

සත්‍ය වටහා දීමට පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා ජනතාව හමුවෙයි.

බොරැල්ල - සහස්පුර නිවාස සංකීර්ණය ආසන්නයේ ඇති 66 වත්ත ප‍්‍රදේශයේ ජනතාව අසත්‍ය තොරතුරු වාර්තා කළ බව කියන සතිඅන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට දැඩි විරෝධය පල කරනවා. 66 වත්ත ප‍්‍රදේශයේ නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා නිවාස පෙළක් ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පුවත්පත අසත්‍ය ප‍්‍රචාර ගෙන ගොස් ඇති බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ. එම නිවාසවලින් තමන්ව ඉවත් කර, හෝමාගම සහ අවිස්සාවේල්ල යන ප‍්‍රදේශවල පදිංචි කරවීමට රජය උත්සාහ කරන බවට අදාළ ඉංග‍්‍රීසි පුවත්පත වාර්තා පල කර ඇතැයි ඔවුන් සඳහන් කළා. එම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වන 66 වත්ත ප‍්‍රදේශයේ පදිංචි චමිලා සුදර්ශනී.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංකල්පයක් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක නව නිවාස වැඩපිළිවෙළට තමන් පූර්ණ සහාය ලබාදෙන බවයි 66 වත්ත ප‍්‍රදේශවාසීන් අවධාරණය කළේ.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ඊයේ 66 වත්ත ප‍්‍රදේශවාසීන් හමුවීමට එම ප‍්‍රදේශයට පැමිණියා. ඒ, නව නිවාස ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය ජනතාවට නිවැරදිව වටහාදීම සඳහායි. එහිදී අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා කියා සිටියේ, අසත්‍ය ප‍්‍රචාර ගෙන යන මෙම පිරිස් කොළඹ නගරයේ සිදුවන සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ප‍්‍රචාර සිදු නොකරන බවයි.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Share  Comment



 

එජාප කි‍්‍රයාකාරීන් 500 ක් කොලොන්නාවේදි සන්ධානයට.

එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ ජාතික තරුණ සංගමයේ භාණ්ඩාගාරික හා රවී කරුණානායක මන්තී‍්‍රවරයාගේ කොළොන්නාව ආසන සම්බන්ධීකරණ ලේකම් රන්දික සහබන්දු ඇතුලූ 500 කට අධික එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණා. ඒ, ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ති‍්‍ර, කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්.දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොලොන්නාව ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අතරතුරදීයි. අඩු ආදායම්ලාභී ජනතාව වෙත සෙවිලි තහඩු බෙදා දීමේ තවත් අදියරක් ඊයේ (27) කොළොන්නාව - කොටුවිල ප‍්‍රදේශයේ පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මන්තී‍්‍රවරයාගේ කොළොන්නාව ආසන සම්බන්ධීකරණ ලේකම් රන්දික සහබන්දු කියා සිටියේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය පළ කිරීමට තමන් ඇතුලූ පිරිස ආර්.දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා සමග එක් වූ බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය දිනෙන් දින පරිහානියට පත්වන බවත් විපක්ෂය ආරක්ෂා කර ගැනීමටවත් ඔවුන් සමත් වී නොමැති බවත් ඔහු සඳහන් කළා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

එම උත්සවය ඇමතූ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර, කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මැතිවරණවලට බිය නොවන බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මුහුණ දෙන සියලූ මැතිවරණ ජයග‍්‍රහණය කරන බව මන්ති‍්‍රවරයා අවධාරණය කළා. සංවර්ධනය සදහාම කැප වූ නායකත්වයක් සන්ධාන රජය සතු බවයි ඔහු කියා සිටියේ.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
500 UNP operatives join UPFA in Kolonnawa
500 UNP operatives join UPFA in Kolonnawa
500 UNP operatives join UPFA in Kolonnawa
500 UNP operatives join UPFA in Kolonnawa

Share  Comment



 

අවිස්සාවේල්ල තුන්තානේ එජාපයේ ප‍්‍රභලයින් විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මැතිතුමා වටා එක්වෙයි

අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ තුන්තාන ප‍්‍රදේශයේ ප‍්‍රභල එක්සත් ජාතික පාක්ෂිකයින් 500ක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2011/02/06 වනදා සිදුවිය.එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මැතිතුමා ජනහමුව ඇමතීම පහත දැක්වේ.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Share  Comment



 

ගින්නෙන් විනාශ වූ නිවස වෙනුවට මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගෙන් නව නිවසක්.

2010 වෙසක් පුර පසළොස්වක පෝයදින ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වු කැලණිමුල්ල වීදිය බණ්ඩාර මාවතේ පිහිටි චමින්ද කුමාරසිරි හා ඔවුගේ පවුලේ උදවිය පදිංචි වි සිටි නිවස වෙනුවට තම පෞද්ගලික ධනය වැයකරමින් නව නිවසක් තනා දීමට අහිංසක අසරණ මිනිසාගේ දුකට කවදාත් පිහිටවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා මැතිතුමා කටයුතු කරන ලදි. ලක්‍ෂ 5කට වඩා වැඩි මුදලක් වැය කරමින් ඉදිකළ මෙම නිවසට ගෙවදීමේ අවස්ථාව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2011/01/30 වැනි දින සිදුවිය.

තමාට අහිමි වූ නිවස නැවත ලබා දීම පිළිබඳ අදහස් දැක්වූ චමින්ද කුමාරසිරි

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
A new house from MP R Dumindha Silva in place of the house destroyed by fire
A new house from MP R Dumindha Silva in place of the house destroyed by fire
A new house from MP R Dumindha Silva in place of the house destroyed by fire

Share  Comment



 

කොළොන්නාව බාලිකාවියන්ට මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගෙන් පරිගණක කට්ටලයක්.

කොළොන්නාව බාලිකාවියන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා මැතිතුමාගේ විමධ්‍යගත මුදලින් පිරිගණක ලබාදීම 2011/01/26 වන දින සිදුවිය. මන්තී‍්‍රතුමා විසින් සංකේතාත්මකව විදුහල්පතිනියට පරිගණකයක් ලබා දුන් අවස්ථාව ජායා රූපයේ දැක්වේ.

එහිදී අදහසු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා මැතිතුමා

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva
Computers for students at Kolonnawa Balika Vidyalaya from MP R Dumindha Silva

Share  Comment



 

මට්ටක්කුලිය පොකුණවත්ත ප‍්‍රදේශයේ දරු දැරියන්ට පිහිට වෙමින්

මට්ටක්කුලිය පොකුණවත්ත ප‍්‍රදේශයේ දරු දැරියන්ට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් පාසල් නිල ඇදුම් , පාසල් පොත් හා වියළි ආහාර බෙදාදීමක් 2011/01/29 දින එම ප‍්‍රදේශයේදී පැවැත්වුණා. පොකුණවත්ත ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් විශාල සංඛ්‍යාවකට ඉන් සෙත සැලසුණා.

A helping hand to the children in Pokunawaththa – Mattakkuliya
A helping hand to the children in Pokunawaththa – Mattakkuliya
A helping hand to the children in Pokunawaththa – Mattakkuliya
A helping hand to the children in Pokunawaththa – Mattakkuliya

Share  Comment



 

කොලොන්නාවේ ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාගෙන් විසඳුම්.

ජලය බැස නොයෑමේ ගැටළුවට දැඩි ලෙස මුහුණ පා සිටි කොලොන්නාව - නාගහමුල්ල විසිතුනේ වත්තේ ජනතාවට ක්ෂණිකව අවශ්‍ය සහන සැපයීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා පියවර ගෙන තිබෙනවා. පසුගිය වර්ෂා සමයේදී, එක්රැස්වූ ජලය බැස නොයෑම නිසා එම ජනතාව දැඩි පීඩාවට පත්ව සිටි අතර, ඊට විසඳුම්දීමට කොලොන්නාව නගර සභාව කිසිඳු පියවරක් ගෙන තිබුණේ නැහැ. විසිතුනේ වත්ත ආසන්නයේ පිහිටි පොතුවිල්කුඹුර ප‍්‍රදේශයට කොළඹ නගර සභාව විසින් බැහැර කරන කසළ හේතුවෙන් කාණු පද්ධතිය අවහිර වීම නිසා මෙසේ ජලය එක්රැස්වී තිබුණා. එම කාණු පද්ධතිය ශුද්ධ පවිත‍්‍ර කරදී ජනතාවගේ නිවාස තුළින් ජලය ඉවත් කිරීමට කොලොන්නාව නගර සභාව කිසිඳු පියවරක් නොගත්තේ, එය කොළඹ මහ නගර සභාව විසින් සිදුකළ යුතු බවට ප‍්‍රකාශ කරමින්. එහෙත් පීඩාවට පත්ව සිටින මෙම ජනතාව පදිංචිව සිටින්නේ කොලොන්නාව නගර සභා බල ප‍්‍රදේශය තුළයි. කොලොන්නාව නගර සභාවෙන් කිසිඳු පිහිටක් නොලැබෙන තැන නාගහමුල්ල විසිතුනේ වත්තේ ජනතාව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා වෙත දැනුම් දුන්නා. වහාම එම ප‍්‍රදේශය වෙත ගිය මන්තී‍්‍රවරයා ක්ෂණිකව විසඳුම් ලබාදෙන බව ප‍්‍රකාශ කළ අතර, පොරොන්දුව නිසි පරිදි ඉටු කරමින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත කාණු පද්ධතිය පවිත‍්‍ර කිරීමේ කටයුතු ඊයේ (14) පස්වරුවේ ආරම්භ කරනු ලැබුවා. එම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා පැවසුවේ ජනතාවට කරදරයක් වූ විට ඊට පිහිට නොවී, විවිධ හේතු දැක්වීම ජනතා නියෝජිතයන්ට නොගැලපෙන බවයි.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ පැල්පත්වාසි ජනතාවට නව නිවාස යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කෙරෙන්නේද, මෙවැනි ප‍්‍රශ්නවලින් එම ජනතාව මුදා ගැනීමට බව මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

කොලොන්නාව මහ නගර සභාවෙන් කිසිඳු පිහිටක් නොලැබු නාගහමුල්ල විසිතුනේ වත්ත ජනතාවද, තම ගැටළුවලට ක්ෂණික විසඳුම් ලැබීම පිළිබඳව මෙසේ අදහස් දක්වනු ලැබුවා.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.
Solutions for people distressed by floods in Kolonnawa from MP R Dumindha Silva
Solutions for people distressed by floods in Kolonnawa from MP R Dumindha Silva
Solutions for people distressed by floods in Kolonnawa from MP R Dumindha Silva
Solutions for people distressed by floods in Kolonnawa from MP R Dumindha Silva
Solutions for people distressed by floods in Kolonnawa from MP R Dumindha Silva

Share  Comment



 

කොළඹ පැල්පත්වාසීන්ට නව නිවාස ලබා දීම ගැන විපක්ෂනායකවරයාගෙන් වැරදි අර්ථකතනයක්. මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියයි.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයට මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී එක්වුණා. මන්තී‍්‍රවරයා එහිදී ප‍්‍රකාශ කළේ හදිසි නීතිය යොදා ගනිමින් රජයට කිසි විටෙක සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීමෙන් කොළඹ නගරයේ පැල්පත් වාසීන්ට නව නිවාස ලබා දීමට කටයුතු කරද්දි විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂය ඊට වැරදි අර්ථකතන ලබා දෙන බවයි මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ.

Share  Comment



 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ මැදිහත්වීමෙන් කොලොන්නාවේ ජල ගැටලූවට විසඳුම්.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’’ අනුව කොලොන්නාවේ සංවර්ධනය ඉහළටම ගෙන යන බව කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්ති‍්‍රවරයා මේ බව කියා සිටියේ රුපියල් මිලියන 2000 ක වියදමින් කි‍්‍රයාත්මක කෙරෙන කොළොන්නාව ජල සම්පාදන ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ගොතටුව නව නගරයේදී ඊයේ (22) එක් වෙමින්. කොලොන්නාවේ කැලි කසල ගැටලූවට විසඳුම් ලබාදුන් තමන් ජල ප‍්‍රශ්නයට ද විසඳුම් ලබාදෙන බව ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා සඳහන් කළා. එහිදී මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ, කොලොන්නාව පිළිබඳව ඉතිහාසයේ රන් අකුරින් ලියැවන දිනය උදා වී ඇති බවයි. කොලොන්නාව ජනතාවට දැඩි ගැටලූවක්ව පැවැති ජල ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීමට හැකිවීම ජයග‍්‍රහණයක් බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ. වසර 13ක් පුරා පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිව තිබූ කොලොන්නාව ආසනයේ ජනතාව වෙනුවෙන් සංවර්ධනයේ වගකීම් දැන් තමන් භාරගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා එහිදී ප‍්‍රකාශ කළේ. ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් එම කටයුතු සිදුවන බව ද ඔහු අවධාරණය කළා. තමන් සංවර්ධනය සිදු කරන්නේ මැතිවරණ ඉලක්ක කර ගෙන නොවන බව ද මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා එහිදී ප‍්‍රකාශ කළා.

මෙතෙක් කලක් දිවා කාලයෙහි අඩු පීඩනයකින් කොලොන්නාව ප‍්‍රදේශයට ජලය ලැබීම නිසා ප‍්‍රදේශවාසී ජනතාව පත්ව සිටියේ දැඩි පීඩාවකටයි. එය කඩිනමින් මග හරවා දෙන ලෙස කොලොන්නාව ප‍්‍රදේශවාසීන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුවයි එම ගැටලූවට ස්ථිර විසඳුමක් ලබාදීමට මන්ති‍්‍රවරයා පියවර ගනු ලැබුවේ. කිලෝමීටර 45ක දුරක් විහිදෙන මෙම නව ජල ව්‍යාපෘතිය මගින් නව ජල සම්බන්ධතා 12,500 ක් ලබාදීමට ද නියමිතව තිබෙනවා. කොළොන්නාව ජල සම්පාදන ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කළේ, බාධාවන් මැද ඉදිරියට ආ මෙම සංවර්ධන ව්‍යාපෘතිය අද ක‍්‍රියාවට නංවා ඇති බවයි. එය සාර්ථක කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා තමන්ට සහාය ලබා දුන් බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. මෙය කොලොන්නාව ජනතාවගේ ජයග‍්‍රහණයක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළා. තරුණ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලූදෙනාගේ සහාය ලබාදෙන බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කළා. ඒ අනුව, වෙනස්කම් සිදුකර වටිනාකමින් වැඩි කොලොන්නාව භූමිය සංවර්ධනයේ තෝ තැන්නක් බවට පත්වන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa
Solutions for the water issue in Kollonnawa

Share  Comment



 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ගෙන් පිළිකා රෝගීන්ට නව නිවහනක්.

මෙම ධාවකය දිස්වීම සඳහා ෆ්ලෑෂ් ධාවකය භාගත කරගන්න.

දිවයිනේ නන් දෙසින් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මහරගම පිළිකා රෝහලට පැමිණෙන නවාතැන් පහසුකම් නොමැති දහස් ගණන් රෝගීන් උදෙසා සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ඉදිරිපත්ව සිටිනවා. මහරගම පිළිකා රෝහලේ ආගමික හා සුබසාධන සේවා මධ්‍යස්ථානයේ ඉදි කෙරෙන සිව්මහල් ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් ඊයේ ප‍්‍රධානය කරනු ලැබුවා. ඒ, එම මධ්‍යස්ථානාධිපති වෑගන්තලේ සීවලි හිමියන් වෙතයි. දිවයිනේ නන් දෙසින් මහරගම පිළිකා රෝහලට සායන සඳහා පැමිණෙන කොළඹ නගරයේ නවාතැන් පහසුකම් නොමැති රෝගීන් නවාතැන් ගනු ලබන්නේ මෙම සුබසාධන සේවා මධ්‍යස්ථානයේයි. තනි මහල් ගොඩනැගිල්ලක් වන එහි ඉඩකඩ කිසිසේත්ම ප‍්‍රමාණවත් නැහැ. එම අඩුපාඩුව මඟහරවා ගැනීම උදෙසා සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට, අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා කි‍්‍රයා කර ඇත්තේ, අහිංසක අසරණ ජනතාවට පිළිසරණ වීමේ මන්ත‍්‍රීවරයාගේ සමාජ සත්කාරයේ තවත් පියවරක් වශයෙන්. මන්ත‍්‍රීවරයාගේ මෙම සමාජ සත්කාරය පිළිබඳව මහරගම පිළිකා රෝහලේ ආගමික හා සුබසාධන සේවා මධ්‍යස්ථානාධිපති වෑගන්තලේ සීවලී හිමියන් සිය කෘතඥතාවය පල කළා. උන්වහන්සේ එහිදී අවධාරණය කළේ, දිවයිනේ ඈත ප‍්‍රදේශවලින් ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් බොහෝමයක් තම මධ්‍යස්ථානයේ නවාතැන් පහසුකම් ලබන බවයි. එහෙත් රෝගීන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් එම මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් සීමා වී ඇති බව ද උන්වහන්සේ ප‍්‍රකාශ කළා. සීවලි හිමියන් ප‍්‍රකාශ කළේ, ඇතැම් රෝගීන්ට ඇඳන් පහසුකම් අවශ්‍ය බවයි. දැනට පවතින පහසුකම් රෝගීන් සඳහා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බැවින් සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සහාය තමන් ඉල්ලා සිටි බව උන්වහන්සේ ප‍්‍රකාශ කළා. ඊට මන්ත‍්‍රීවරයා කැමැත්ත පල කිරීමත් සමග දහස් ගණනක් රෝගීන්ට සෙත සැලසෙන බවයි උන්වහන්සේ අවධාරණය කළේ. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සමාජ සත්කාරයන්ට තම ආශීර්වාදය හිමි වන බව ද වෑගන්තලේ සීවලී හිමියන් මෙහිදී ප‍්‍රකාශ කළා. මේ අතර, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ මෙම මහඟු පරිත්‍යාගය පිළිබඳව, මහරගම පිළිකා රෝහලේ ආගමික හා සුබසාධන සේවා මධ්‍යස්ථානයෙන් පිළිසරණ ලබන දිවයිනේ නන් දෙසින් පැමිණි අසරණ ජනතාව සිය කෘතඥතාව පළ කරනවා. ඔවුන් මන්ත‍්‍රීවරයාගේ එම සත්කාරය පිළිබඳ අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ, දිවයිනේ ඈත ප‍්‍රදේශවල සිට සායන සඳහා රෝහලට පැමිණෙන කොළඹ නගරයේ නවාතැන් පහසුකම් සොයා ගැනීමට නොහැකි තමන් වෙත නවාතැන් ගැනීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරදීම පිළිබඳව මන්ත‍්‍රීවරයාට තම ස්තුතිය පුද කරන බවයි. එතුමන්ගේ පරිත්‍යාගශිලීත්වය තමන් අගය කරන බව ද එහි පහසුකම් ලබන රෝගීන් ප‍්‍රකාශ කරනවා. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ ජනතා සේවය හා සමාජ සත්කාරක සේවා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි යන්න තම ප‍්‍රාර්ථනය බව ද රෝගීන් මෙහිදී ප‍්‍රකාශ කළා.

Residential Complex for Cancer Hospital
Residential Complex for Cancer Hospital
Residential Complex for Cancer Hospital
Residential Complex for Cancer Hospital
Residential Complex for Cancer Hospital
Residential Complex for Cancer Hospital

Share  Comment



 

කොලොන්නාව කසළ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක්.

කොළඹ නගරයේ සහ කොලොන්නාවේ කුණු කසල බැහැර කිරිම නිසා වසර ගණනාවක සිට මීතොටමුල්ල ප‍්‍රදේශයේ උද්ගතව තිබූ කුණු කසල ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබී තිබෙනවා. ඒ, කොළොන්නාව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා විසින් අදාල ගැටළුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවධානයට යොමු කිරිමෙන් අනතුරුවයි. මේ අනුව අදාල කුණු කසල මීතොටමුල්ල ප‍්‍රදේශයට බැහැර කිරිමේදී එය මින් ඉදිරියට විධිමත්ව සිදු කෙරෙන අතර, එමගින් ප‍්‍රදේශවාසින්ට මෙතෙක් ඇති වූ ගැටළු විසඳෙනු ඇති.

Share  Comment



 

කොළඹ දිස්ති‍්‍රක්කයේ ගංවතුර

පසුගිය දා ඇදහැලූනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ බොහෝ ස්ථාන වැසි ජලයෙන් යට වුනා...
මෙහිදී පීඩාවට පත් වූ කොළඹ දිස්ති‍්‍රක්කයේ අහිංසක අසරණ ජනතාවට සහන සැලැස්වීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මැතිතුමා කටයුතු කළා....

Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District
Flood in Colombo District

Share  Comment



 

කොළඹ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් 500කට ආසන්න පිරිසක්, කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා සමග එක්වුණා.

ජනාධිපතිවරයා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ පැහැදී, නැගෙනහිර - කොළඹ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් 500කට ආසන්න පිරිසක්, කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා සමග එක්වුණා. පසුගියදා කිරුළපනේ දී පැවති ජනහමුවකදී මෙම පිරිස ආණ්ඩුව සමග එකවූයේ ආර් දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා සමග රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමේ අධිෂ්ඨානයෙන්. ආණ්ඩුව සමග එක් වූ ජනතාව පිළිගනිමින් ආර් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා කියා සිටියේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය වටා සියලූ බලවේග එක්රොක් වෙමින් සිටින බවයි.

500 Colombo East UNP members joined
500 Colombo East UNP members joined
500 Colombo East UNP members joined
500 Colombo East UNP members joined

Share  Comment



 

අසරණ දරු දැරියන් රැසක් වෙනුවෙන් ඉතිරි කිරීමේ ගිණුම්

ආර් දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ සංකල්පයක් අනුව දියත් කෙරෙන කොළඹ දිස්ත‍්‍රික්කයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහල නැංවීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් පසුගියදා ක‍්‍රියාත්මක කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ අහිංසක අසරණ දරු දැරියන් රැසක් වෙනුවෙන් ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කර එම ගිණුම්වල පාස්පොත් එම දරුවන් වෙත මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රධානය කළ අයුරු චායාරූපයේ දැක්වේ. කොළඹ දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආර් දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල තුළින් තම දරුවන්ගේ අනාගතය ආලෝකමත් වන බවයි එම අවස්ථාවට එක්වූ දෙමාපියන් ප‍්‍රකාශ කළේ.

Savings Accounts were opened for a large number of innocent and helpless children
Savings Accounts were opened for a large number of innocent and helpless children
Savings Accounts were opened for a large number of innocent and helpless children
Savings Accounts were opened for a large number of innocent and helpless children

Share  Comment



 

නොමිලේ පාසල් පොත් ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කි‍්‍රයාත්මකයි.

කොළඹ දිස්ති‍්‍රක්කයේ අහිංසක අසරණ ජනතාවගේ දරුවන් වෙනුවෙන් කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක මන්ත‍්‍රී දේශමාන්‍ය ආර් දුමින්ද සිල්වා මැතිතුමා විසින් කි‍්‍රයාත්මක කරන නොමිලේ පාසල් පොත් ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කි‍්‍රයාත්මකයි.

මෙම සත්කාරය තුළින් කොළඹ දිස්ති‍්‍රක්කයේ පාසල් දරු දැරියන් ලක්ෂ ගණනක් මේ වන විටත් ප‍්‍රතිලාභ හිමිකරගෙන අවසන්...

මන්ත‍්‍රී දේශමාන්‍ය ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ සංකල්පයක් අනුව කි‍්‍රයාත්මක නොමිලේ පාසල් පොත්පත් ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් පසුගියදා කොටිකාවත්ත රාජසිංහ මහා විද්‍යාලයේදී පැවැත්වුණි.මේ යටතේ තවත් පාසල් දරු දැරියන් විශාල පිරිසකට නොමිලේ පාසල් පොත්පත් ලබා දුනි.

මන්තී‍්‍රවරයාගේ අධ්‍යපන සත්කාරයන් අතර කොළඹ දිස්ති‍්‍රක්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ දූ දරුවන්ට ජාත්‍යන්තරව පිළිගත් පරිගණක අධ්‍යාපනයක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය, පහ ශ්‍රේණිය සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නොමිලයේ අධ්‍යාපන සම්මන්ත‍්‍රණ පැවැත්වීම සහ පාසල් නිළ ඇඳුම් ලබාදීම මුල් තැනක් ගනී..

පසුගියදා කොටිකාවත්ත රාජසිංහ මහා විද්‍යාලයේදී පැවැති නොමිලේ පාසල් පොත් ලබාදීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වේ...

The Book Donation Program continues
The Book Donation Program continues
The Book Donation Program continues
The Book Donation Program continues
The Book Donation Program continues
The Book Donation Program continues

Share  Comment



 

කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ වප් මඟුල් උත්සවය...

”අපි වවමු - රට නඟමු” ජාතික වැඩසටහන යටතේ කොළඹ දිස්ති‍්‍රකකයේ කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ වප් මඟුල් උත්සවය මුල්ලේරියාව වැවට අයත් ”නයිමළදූව” වෙල්යායේදී පසුගියදා පැවැත්වුණි.

කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වුණි. එම වප් මඟුල් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.

“Wap Magul” festival of the Kolonnawa electorate….
“Wap Magul” festival of the Kolonnawa electorate….
“Wap Magul” festival of the Kolonnawa electorate….
“Wap Magul” festival of the Kolonnawa electorate….
“Wap Magul” festival of the Kolonnawa electorate….

Share  Comment



 

දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමඟ සාකච්චාවක නිරත වෙමින් සිටි අයුරු..

අංගොඩ ජාතික ළමා අධ්‍යාපන පදනමේදී ලෝක ළමා දිනය සැමරුමට සහභාගී වෙමින් දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමඟ සාකච්චාවක නිරත වෙමින් සිටි අයුරු..

Share  Comment



 

තවත් ණය ආධාර ලබා දීමේ වැඩසටහනක්

ස්වයං රැකියා අවස්ථා බිහි කිරීම තුළින් ජනතාව නඟා සිටුවීමේ දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ සංකල්පය අනුව තවත් ණය ආධාර ලබා දීමේ වැඩසටහනක් පසුගියදා කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්වුණි.

එහිදී දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමා අතින් කාන්තාවන් ණය ආධාර ලබා ගත් අයුරු මෙහි දැක්වේ.

Share  Comment



 

දරුවන් දහසකට නොමිලයේ ලොවම පිළිගත් පරිගණක ශිෂ්‍යත්ව ලබා දීම...

වර්ථමාන දරු පරපුරට පරිගණක අධ්‍යපනය අත්‍යාවශ්‍යම අංගයක් වී ඇත.මෙකී අවශ්‍යතාවය තේරුම්ගත් දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමා එම අවශ්‍යතාවය සිහිනයක්ව තිබූ කොළඹ දිස්ති‍්‍රක්කයේ දරුවන්ට නොමිලයේ පරිගණක ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදී.

එහි පළමු පියවර ලෙස දරුවන් දහසකට ලොවම පිළිගත් පරිගණක ශිෂ්‍යත්ව ලබා දීම පසුගියදා කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

Share  Comment



 

ළදරු පාසලකදී දුවා දරුවන්ට නිල ලාංඡුන පැළැඳීම හා පොත්පත් ප‍්‍රධානය

පසුගියදා යෙදුනු ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා පැවැති සමරු උත්සව ගණනාවකට දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.

එහිදී අංගොඩ ප‍්‍රදේශයේ ළදරු පාසලකදී දුවා දරුවන්ට නිල ලාංඡන පැළැඳීම හා පොත්පත් ප‍්‍රධානයක් සිදුවිය.

Share  Comment



 

කොළොන්නාව ශ‍්‍රී.ල.නි.ප.ප‍්‍රධාන සංවිධායක දේශමාන්‍ය මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමා මහජන දිනයේදී මානුෂීය ආධාර බෙදා දුන් අවස්ථා කිහිපයක්.

කොළොන්නාව ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක දේශමාන්‍ය මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ මහජන දිනයේදී එතුමාගේ පිහිට පතා එන සුවහසක් ජනතාවට පිළිසරනක් වෙමින් ලබාදුන් මානුෂීය ආධාර මෙතෙකැයි කියා නිමකල නොහැක.

මේ පසුගිය දිනක එසේ මානුෂීය ආධාර බෙදා දුන් අවස්ථා කිහිපයක්.

Share  Comment



 

පාඨමාලාව හැදෑරූ සිසුන්ට දේශමාන්‍ය මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමන් විසින් අධ්‍යපන ශිෂ්‍යත්ව...

Digital College ආයතනයේ පාඨමාලා හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිරයාමේ උළෙල පසුගියදා නුගේගොඩ රොටරි ශාලාවේ දී දේශමාන්‍ය මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහිදී ඉතා සාර්ථකව පාඨමාලාව හැදෑරූ සිසුන් දෙදෙනෙකුට සහ ශිෂ්‍යාවකට දේශමාන්‍ය මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමන් විසින් අධ්‍යපන ශිෂ්‍යත්ව ලබාදීම විශේෂ සිද්ධියක් විය.

Share  Comment



 

කොළොන්නාව ආසනයේ ශ්‍රී.ල.නි.ප ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමන් අතින් මහන මැෂින් හා තී‍්‍ර රෝද රථ බෙදා දීමක් ද සිදු විය.

කොළොන්නාව ආසනයේ ශ්‍රී.ල.නි.ප ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව දේශමාන්‍ය,මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමන් අතින් මහන මැෂින් හා තී‍්‍ර රෝද රථ බෙදා දීමක් ද සිදු විය. එහිදී ආර් දුමින්ද සිල්වා පදනම මඟින් කි‍්‍රයාත්මක ස්වයං රැකියා ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට මහන මැෂින් හා තී‍්‍ර රෝද රථ බෙදා දුන් අයුරු මෙහි දැක්වේ.

Share  Comment



 

දේශමාන්‍ය, මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා මැතිතුමා සිය නොනිමි සමාජ හා දේශපාලන මෙහෙවර උදෙසා මැකෝ සම්මානයෙන් පිදුම් ලද වගයි.....

ශී‍්‍ර ලංකා ජන සන්නිවේදකයන්ගේ සංගමය පසුගියදා පැවැත් වූ ‘‘මැකෝ’’සම්මාන උළෙලේදී දේශමාන්‍ය මන්ති‍්‍ර ආර් දුමින්ද සිල්වා සුවිශේෂී සම්මානයකින් පිදුම් ලැබුවා. මන්ති‍්‍ර ආර් දුමින්ද සිල්වාගේ දේශපාලන සහ සමාජ මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් වූ අතර, මෙම අවස්ථාවට දේශපාලඥයන්, මාධවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ අහිංසක, අසරණ ජනතාව උදෙසා දැවැන්ත මෙහෙවරක් සිදු කරන මන්ති‍්‍ර ආර් දුමින්ද සිල්වා වර්තමාන දේශපාලන ක්ෂේත‍්‍රයේ අතිශයින් ජනපි‍්‍රය දේශපාලනඥයෙකු බවට පත්ව සිටිනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදුනු මන්තී‍්‍ර ආර් දුමින්ද සිල්වා කොළඹ දිස්ති‍්‍රක්කයේ වැඩි ම මනාප සංඛ්‍යාවක් හිමිකර ගැනීමට සමත් වුණා.

“Deshamanya” R.Dumindha Silva receives the “MACO” award
“Deshamanya” R.Dumindha Silva receives the “MACO” award
“Deshamanya” R.Dumindha Silva receives the “MACO” award
“Deshamanya” R.Dumindha Silva receives the “MACO” award
“Deshamanya” R.Dumindha Silva receives the “MACO” award
“Deshamanya” R.Dumindha Silva receives the “MACO” award

Share  Comment



 

”සිසු සවිය” වැඩ සටහන යටතේ මෙවරත් අති සාර්ථකව පැවැත්වූ 2009-”5 ශිෂ්‍යත්ව ජයමග” සමිමන්ත‍්‍රණ මාලාව

ජීවිතය ජය ගන්න වෙරදරණ තම ආදරණීය දූ පුතුන්ට 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ජයගන්නට අත්වැලක් සපයමින් නොමිලේ උපකාරක අධ්‍යාපන සමිමන්ත‍්‍රණ මාලාවක් පැවැත් වීමට කොළොන්නාව ශ්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක, ගරු මන්තී‍්‍ර දේශමාන්‍ය ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව කටයුතු සංවිධාන කෙරුණි.
හරබර දේශන, සාකච්ඡා හා තරඟ විභාග සහිතව විශේෂාංග රැසක් ඇතුලත් වූ මෙම සමිමන්ත‍්‍රණ මාලාව පහත සඳහන් ස්ථාන වලදී අති සාර්ථකව පැවැත්විණ

1. 2009 ජූලි මස 19 දින උදේ 8.30 සිට සවස 2.00 දක්වා - කොළොන්නාව බාලිකා විද්‍යාලය.
2. 2009 ජූලි මස 26 දින උදේ 8.30 සිට සවස 2.00 දක්වා - පිළියන්දල හර්මන් මයිනර් මහ විද්‍යාලය.
3. 2009 අගෝස්තු මස 02 දින උදේ 8.30 සිට සවස 2.00 දක්වා - මාළෙඹි ආදර්ශ පිරිමි විද්‍යාලය.

Share  Comment



 

මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීම

කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ, මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීම පසුගියදා අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවුණා. එම අවස්ථාවට සහභාගී වූ අග‍්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ මන්ති‍්‍ර දේශමාන්‍ය ආර් දුමින්ද සිල්වා මැතිතුමා විසින්. මන්ති‍්‍ර දේශමාන්‍ය ආර් දුමින්ද සිල්වා මැතිතුමන් කොළොන්නාව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ධුරය භාරගැනීමෙන් අනතුරුව කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක වුණා. මුල්ලේරියාව පොලිස් ස්ථානයට නව ගොඩනැගිල්ල හිමිවුයේ ද ඊට සමගාමීවයි.

Share  Comment



 

කොළඹ දිස්ති‍්‍රක්කයේ ඩෙංගු මර්දන වැඩසටහන

ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණින් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා ආර් දුමින්ද සිල්වා පදනම මඟින් සංවිධාන කළ ඩෙංගු මර්ධන වැඩසටහනේ දෙවන අදියර කොළොන්නාව මැතිවරණ කොට්ඨාශය තුළ ප‍්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය හා එක්ව පසුගියදා කොළොන්නාව ප‍්‍රදේශය පුරා දේශමාන්‍ය, මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Share  Comment



 

රණවිරු උපහාර උළෙල

දේශමාන්‍ය, මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ සංකල්පයක් අනුව, දශක තුනක් පුරා පැවැති කොටි ත‍්‍රස්තවාදය තුරන් කිරීම සඳහා තම ජීවිතය පරදුවට තබා ඉදිරිපෙළ සටන් ක‍්‍රියාන්විතයේ යෙදී සිටි යුද හමුදා 55-59 සේනාංක ප‍්‍රධානී ප‍්‍රසන්න ද සිල්වා මහතා ඇතුළු කොළොන්නාව ප‍්‍රදේශයේ පදිංචි රණවිරු පවුල් වෙනුවෙන් සුවිශේෂී උපහාර උළෙලක් ගොතටුව කන්දේ විහාරයේ දායක සභාව විසින් ”සුගුණ” යොවුන් සංසදය හා එක්ව කන්දේ විහාරස්ථානයේදී පැවැත්වුණි.
එම රණවිරු උපහාර උළෙලේ සුවිශේෂ ආරාධිතයෙකු ලෙස දේශමාන්‍ය, මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා සහභාගී විය.

Share  Comment



 

දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික මෙහෙයුම

දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික මෙහෙයුම (2007-2010) වැඩසටහනට සමගාමීව රුක් රෝපන වැඩසටහනක් පසුගියදා ගොතටුව ප‍්‍රදේශයේදී පැවැත්විණි. මෙම වැඩසටහන කොළොන්නාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආර් දුමින්ද සිල්වා පදනම එක්ව ප‍්‍රදේශයේ තරුණ කැළ සංවිධාන කර තිබුණි.
එම අවස්ථාව සඳහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් දේශමාන්‍ය,මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා සහභාගී විය.මේ අවස්ථාවට ප‍්‍රදේශයේ විශාල ජනතාවක් එකතු වී සිටියහ.

Share  Comment



 

ගොතටුව කන්දේ විහාරස්ථානයේදී බොධීන්වහන්සේ වටා අභිනවයෙන් ඉදි කළ රන් වැට නිරාවරණය කිරීම

ගොතටුව කන්දේ විහාරස්ථානයේදී බොධීන්වහන්සේ වටා අභිනවයෙන් ඉදි කළ රන් වැට නිරාවරණය කිරීම පොසොන් පෝය දා සිදු කෙරුණි. කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් රන් වැට විවෘත කෙරුණ අවස්ථාව මෙහි දැක් වේ. ගොතටුව කන්දේ විහාරාධිපති පූජ්‍ය අමුණුකඳුරේ ධම්මරතන හිමියන් ද චායාරූපයේ සිටී.

Share  Comment



 

”පැහැසර 2008” ස්වයං රැකියා පුහුණු වැඩසටහන

කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක වූ ”පැහැසර” ස්වයං රැකියා පුහුණු වැඩසටහනේ දී, ආර් දුමින්ද සිල්වා මැතිතුමන් විසින් පාඨමාලාව නිමකළ ශිෂ්‍යාවන්ට සහතිකපත් ප‍්‍රධානය කෙරුණි. එහිදී පාඨමාලාව නිමකළ ශිෂ්‍යාවන් සැකසූ කෙටි කෑම හා පං ආශ‍්‍රිත අත්කම් භාණ්ඩ ද එතුමා නිරීක්ෂණය කරන ලදී.

Share  Comment



 

වෙසක් සහ පොසොන් පුන්පොහාය දිනයන් නිමිත්තෙන් කොළොන්නාව සහ කොළඹ දිස්ති‍්‍රක්කයේ සංවිධානය කර තිබූ දන්සල් අති විශාල ප‍්‍රමාණයකට සිය අනුග‍්‍රහකත්වය ලබා දෙන ලදී.

මෙවර පැවැත්වූ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟකොට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ආර් දුමින්ද සිල්වා මහතා, වෙසක් සහ පොසොන් පුන්පොහාය දිනයන් නිමිත්තෙන් කොළොන්නාව සහ කොළඹ දිස්ති‍්‍රක්කයේ සංවිධානය කර තිබූ දන්සල් අති විශාල ප‍්‍රමාණයකට සිය අනුග‍්‍රහකත්වය ලබා දෙන ලදී. මෙහි දැක්වෙන්නේ එම දන්සල් සඳහා ආධාර ලබාදුන් අවස්ථාවලින් කිහිපයක් සහ එම දන්සැල් කිහිපයක් විවෘත කළ අයුරුයි...

Share  Comment



 

මන්ති‍්‍ර ආර් දුමින්ද සිල්වා මහතා ජනතාවට ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරිමේ අත් පති‍්‍රකා බෙදාදෙන අයුරු

සෞඛ්‍ය අමාත්‍යංශය, ස්වාධීන රූපවාහිනී සේවය සහ ආර් දුමින්ද සිල්වා පදනම සහ කොළොන්නාව ඡන්ද කොට්ඨාසය ඒකාබද්ධව සංවිධාන කළ ඩෙංගු මර්දන ව්‍යාපාරයට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කොලොන්නාව ප‍්‍රධාන සංවිධායක මන්ති‍්‍ර ආර් දුමින්ද සිල්වා යන මහත්වරුන් එම ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡා කරන අයුරු සහ මන්ති‍්‍ර ආර් දුමින්ද සිල්වා මහතා ජනතාවට ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරිමේ අත් පති‍්‍රකා බෙදාදෙන අයුරු ද මෙහි දැක්වේ.

Share  Comment



 

මරදාන අග‍්‍රබෝධි විහාරස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය ඉකුත් සතියේ පැවැත්විණි.

මරදාන අග‍්‍රබෝධි විහාරස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය ඉකුත් සතියේ පැවැත්විණි. එම උත්සවයට සහභාගී වූ අග‍්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික‍්‍රමනායක මැතිතුමා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ කොළොන්නාව ප‍්‍රධාන සංවිධායක මන්ති‍්‍ර ආර් දුමින්ද සිල්වා මහතා සහ අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙහි දැක්වේ.

Share  Comment
follow us on
Featured  Video
Share This
Featured Image
Featured Image of 2014-04-09
නොනිමි ජනතා මෙහෙවරෙහි වර්තමානය
කොළොන්නාව ජනතාව රකිනවා - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
කොළොන්නාව ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අවස්ථාවක තමන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ කොළොන්නාවේ ජනතාව රැක බලා ගැනීම තම වගකීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
දූෂණයට සහ වංචාවට ඉඩ නැහැ - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස නැමූව ද දූෂණයට සහ වංචාවට කිසිවිටෙක හිස නොනමන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාව සංවර්ධනයට විශාල මුදලක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාවට සීඝ‍්‍ර සංවර්ධනයක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
වසර ගණනාවක් තිස්සේ කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව සංවර්ධනයෙන් පසුබෑමකට පත්ව තිබු කොලොන්නාව ආසනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ අද සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
අග රදගුරු හිමිගෙන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පැසසුම්.
කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතිය අඩපණ කරමින් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
QUICK CONTACT
 
කොළොන්නාව කාර්යාලය
අංක. 68,
විජය පාර, සාලමුල්ල,
කොලොන්නාව,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 547 198
ෆැක්ස්: +94 112 534 777
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com
නුගේගොඩ කාර්යාලය
52 ඒ,
පරණ කැස්බෑව පාර, නුගේගොඩ,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 809101 / +94 114 319457
ෆැක්ස්: +94 114 319456
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com