ජනතා මෙහෙවර
දුකින් පීඩිතව අගහිඟකමින් මිරිකී ජීවිතය ගැටගසා ගන්නට අපමණ වෙහෙසක් දරන අහිංසක අසරණ මිනිසුන්ට කුමන අයුරකින් හෝ පිහිටක්, උදව්වක්, සරණක් ලබාදීම මාගේ එකම අරමුණයි. ඒ වෙනුවෙන් පසුගිය වසර ගණනාව පුරා මා විසින් කොළඹ දිස්ත‍්‍රික්කය තුළ විශාල ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කළා.
  • හිසට සෙවනක් නොමැතිව, නිවසක සිහිනය පමණක් දකිමින් ජීවත් වූ දහස් ගණනක් මිනිසුන්ගේ නිවසක සිහිනය සැබෑ කළා.
  • අහිංසක අසරණ දරුවන් ලක්‍ෂ ගණනකගේ අධ්‍යාපන අයිතිය සුරක්‍ෂිත කරමින් වසර ගණනාවක් අඛණ්ඩව පොත්පත් ලබා දී ජීවිතය ජය ගන්නට ඔවුන් දිරිමත් කළා.
  • රැකියාවක් කරගන්නට නොහැකිව දුක්විඳි දහස් ගණනකට ත‍්‍රී රෝද රථ, මහන මැෂින්, ණය ආධාර ලබාදී ස්වයං රැකියා අවස්ථා උදාකර දෙමින්, අනුනට අත නොපා තමන්ගේ ශක්තියෙන් ජීවත් වීමට මඟ පෙන්වූවා.
  • ආබාධිත තත්වයන් හේතුවෙන් සමාජයෙන් කොන් වී සිටි දහස් ගණනක් අහිංසක අසරණයින්ට රෝද පුටු, අත්වාරු, ඇස් කාච සහ ඇස් කණ්නාඩි ලබා දී සමාජයේම කොටසක් ලෙස නැගී සිටින්නට උපකාර කළා.
  • ආගම දහම තුළින් සමාජ පුනරුදයට ලැබෙන මහඟු දායකත්වය වටහාගෙන, කොළඹ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන, කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි සහ හින්දු කෝවිල් 250 කට අධික ප‍්‍රමාණයක් සංවර්ධනය කළා.
  • කොළඹ දිස්ත‍්‍රික්කයේ ගොවීන් විශාල පිරිසකට සියලූ ගොවිතැන් සඳහා අවශ්‍ය පොහොර පසුගිය කාලය පුරාම නොමිලේ ලබාදෙමින් ඔවුන් ශක්තිමත් කළා.
  • ක‍්‍රීඩා සමාජ දහස් ගණනකට ක‍්‍රීඩා උපකරණ ලබා දී ඒවා වැඩි දියුණු කොට, ක‍්‍රීඩාව හරහා තරුණයන් නිසි මගට ගැනීමට කටයුතු කළා.
  • සුනාමියෙන්, ගංවතුරෙන් පීඩා විඳි ජනතාව පිහිටක් සොයන විට ඇතැම් දේශපාලනඥයන් ඔවුන් අමතක කර දමද්දී එම ජනතාව යලි දෙපයින් නැගී සිටින තෙක් මම ඔවුන් සමඟ සිටියා.
  • පසුගිය වසර ගණනාව පුරාම කොළඹ දිස්ත‍්‍රික්කය තුළ මංමාවත් සංවර්ධනය කිරීම, විදුලි සහ ජල යෝජනාක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් වර්ධනය කිරීම සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ආදී ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කළා.
Share this
follow us on
Featured  Video
Share This
Featured Image
Featured Image of 2014-04-09
නොනිමි ජනතා මෙහෙවරෙහි වර්තමානය
කොළොන්නාව ජනතාව රකිනවා - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
කොළොන්නාව ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අවස්ථාවක තමන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ කොළොන්නාවේ ජනතාව රැක බලා ගැනීම තම වගකීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
දූෂණයට සහ වංචාවට ඉඩ නැහැ - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස නැමූව ද දූෂණයට සහ වංචාවට කිසිවිටෙක හිස නොනමන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාව සංවර්ධනයට විශාල මුදලක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාවට සීඝ‍්‍ර සංවර්ධනයක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
වසර ගණනාවක් තිස්සේ කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව සංවර්ධනයෙන් පසුබෑමකට පත්ව තිබු කොලොන්නාව ආසනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ අද සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
අග රදගුරු හිමිගෙන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පැසසුම්.
කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතිය අඩපණ කරමින් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
QUICK CONTACT
 
කොළොන්නාව කාර්යාලය
අංක. 68,
විජය පාර, සාලමුල්ල,
කොලොන්නාව,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 547 198
ෆැක්ස්: +94 112 534 777
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com
නුගේගොඩ කාර්යාලය
52 ඒ,
පරණ කැස්බෑව පාර, නුගේගොඩ,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 809101 / +94 114 319457
ෆැක්ස්: +94 114 319456
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com